• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 නොවැම්බර් 15 දින සිට වසර 02 ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා සඳහා ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගින් ආහාරපාන සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමිම
- 2019 නොවැම්බර් 15 දින සිට වසර 02 ක කොන්ත්‍රාත් කාලයක් සඳහා, ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත් වන ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ගුවන් ගමන් වාර 520 ක් සඳහා අවශ්‍ය වන ආහාර හා පාන වර්ග සපයාගැනීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපාන යෙන් 307,695,073 ක වටිනාකමකට M/s Gate Gourmet Japan Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.