• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යුද්ධ හමුදාව වෙත වියළි කැලෑ සලාක මළු මිල දී ගැනීම - සැපයුම් වර්ෂය 2019
- 2019 වර්ෂය සඳහා යුද්ධ හමුදාව වෙත වියළි කැලෑ සලාක මළු 200,000 ක් මිල දී ගැනීමට වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඒ සඳහා අවම සාරානුකූල ලංසුව ඉදිරිපත් කර ඇති රොඩේෂා එන්ටර්ප්‍රයිසස් (පෞද්ගලික) සමාගමට රු. 175,704,347.83 ක වැට් රහිත මිලකට ප්‍රදානය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.