• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම
- ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර රැස්වීමකදී එළඹි තීරණය පරිදි නීතිපතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත. ඒ අනුව සකස් කරනු ලැබ ඇති කෙටුම්පත සඳහා නීතිපතිවරයා‍ගේ නිෂ්කාශනය ලැබී ඇති අතර, නීතිපතිවරයා විසින් යෝජනා කරනු ලැබ ඇති සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිසත් විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.