• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ අලුත්කඩේ පිහිටි අධිකරණ සංකීර්ණය අලුත්වැඩියා කිරීම
- කොළඹ දිස්ත්‍රික්කයේ අලුත්කඩේ පිහිටි අධිකරණ සංකීර්ණය වර්ෂ 200 ක් පමණ පැරණි පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැඟිලි සංකීර්ණයකි. ඒ තුළ මහේස්ත්‍රාත් අධිකරණ 7ක්, දිසා අධිකරණ 9ක් සහ මහාධිකරණ 7ක්, වාණිජ මහාධිකරණ 3ක් මෙන්ම එම අධිකරණවල කාර්යාලයන්ද ස්ථාපිත කර ඇති අතර, දැනට වර්ෂ ගණනාවක සිට අලුත්වැඩියා කටයුතු ප්‍රමාණවත් අයුරින් සිදු කර නොමැත. එබැවින්, පෙරනිමි ගොඩනැඟිල්ලක් ඉදි කර ඒ තුළට අදියර වශයෙන් අධිකරණ විතැන් කරමින් අලුත්වැඩියා කටයුතු සිදු කිරීමටත්, මේ සඳහා අවශ්‍ය ඇස්තමේන්තුගත ප්‍රතිපාදන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට වාර්ෂික ප්‍රතිපාදන ලෙස වෙන් කිරීමටත්, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ස්ථාවර තාක්ෂණික කමිටුවේ අනුමැතියට යටත්ව, නිර්මාණය කර අලුත්වැඩියා කිරීමේ පදනම මත මෙම අලුත්වැඩියාවන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම පිණිසත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.