• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශීය ගුවන් සමාගම් වලට අභ්‍යන්තර ගුවන් ප්‍රවාහන හිමිකම ලබා දීම
ශ්‍රී ලංකාව විසින් වෙනත් රාජ්‍යයන් සමඟ කතිකා කර තිබෙන ගුවන් සේවා ගිවිසුම් මඟින් ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර ගුවන්ගමන් ක්‍රියාත්මක කිරීමේ හිමිකම ද්විපාර්ශ්වික පාර්ශවකාර රාජ්‍යයේ ගුවන් සේවා සමාගම් වෙත මෙතෙක් ප්‍රදානය කර නොමැත. එහෙත්, දේශීය ගුවන්සේවා ක්ෂේත්‍රයේ පුනරුදයක් අරමුණු කරගනිමින්, අභ්‍යන්තර ගුවන් ප්‍රවාහන හිමිකම් සහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් තොටුපොළ (මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, රත්මලාන සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ) අතර ගුවන් ගමන් මෙහෙයවීම පිළිබඳ උනන්දුවක් දක්වන ගුවන් සේවා සමාගම්වලට අදාළ රාජ්‍යයන් අතර පවතින ගුවන් සේවා ගිවිසුම් යටතේ නිකුත් කරනු ලබන වලංගු කාලසීමාව අවුරුදු 01ක් වන තාවකාලික මෙහෙයුම් බලපත්‍රයක් යටතේ, ඉහත සඳහන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර පමණක් වාණිජ ගුවන් සේවාවන් මෙහෙයවීමට උනන්දුවක් දක්වන විදේශීය ගුවන් සමාගම්වලට අභ්‍යන්තර ගුවන් ප්‍රවාහන හිමිකම් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත බලය පැවරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.