• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පිහිටි පුරාවස්තු ආරක්ෂාකර මතු පරපුරට දායාද කිරීම සඳහා පනවා ඇති නියෝග යාවත්කාලීන කිරීම
- ශ්‍රී ලංකාවේ පිහිටි පුරා වස්තු සහ ශ්‍රී ලංකාව තුළ ඇති ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන සහ ගොඩනැඟිලි වඩා හොඳින් සංරක්ෂණය කිරීම සඳහා 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත සම්මත කර ඇත. එකී පනතේ 47වන වගන්තියෙහි විධිවිධාන අනුව, 1940 දෙසැම්බර් මස 23 දිනැති අංක 8698 දරන ගැසට් පත්‍රයේ පනවා ඇති නියෝග වර්තමානයට යෝග්‍ය වන පරිදි යාවත්කාලීන කළ යුතු වේ. එබැවින්, 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතේ 47 වන වගන්තිය යටතේ පනවා ඇති නියෝග සංශෝධනය කර ක්‍රියාත්මක කිරීම පිණිස පාර්ලිමේන්තුවට යොමු කර ඒ සඳහා අනුමැතිය ලබාගැනීමටත්, ඉන් අනතුරුව එම නියෝග ගැසට් පත්‍රයේ පළ කිරීම පිණිසත් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.