• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආපදා අවදානම් කලාපවල වෙසෙන ජනතාව සඳහා පෙරසවි ආපදා ප්‍රත්‍යස්ථිතික නිවාස ඉදිකිරීම
- ආපදා අවදානම් කලාපවල වෙසෙන ජනතාව සඳහා ස්වාභාවික ආපදාවලට ඔරොත්තු දෙන පෙරසවි ආපදා ප්‍රත්‍යස්ථිතික නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි පළමු අදියර ය‍ටතේ කළුතර දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කය තුළ නිවාස 400ක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කය තුළ නැවත පදිංචි කළ යුතු පවුල් 500ක් හා බදුල්ල දිස්ත්‍රික්ක සීමාව ආසන්නයේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ නැවත පදිංචි කළ යුතු පවුල් 50ක් සඳහා ද ඉඩම් හඳුනාගෙන ඇත. ඒ අනුව, ව්‍යාපෘතියේ පළමු අදියරේ දෙවන කාණ්ඩය යටතේ මෙම පවුල් 550 නැවත පදිංචි කරවීම අරමුණු කොට ගෙන බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි පළමු නිවාස 100 ඉදිකිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.