• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිහිටුවීම, දැනට පිහිටුවා තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගැසට් කිරීම සහ ග්‍රාම නිලධාරි වසම් පිහිටුවීම හා ප්‍රතිශෝධනය කිරීම සඳහා සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම
- නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිහිටුවීම, දැනට පිහිටුවා තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගැසට් කිරීම සහ ග්‍රාම නිලධාරි වසම් පිහිටුවීම හා ප්‍රතිශෝධනය කිරීම සඳහා සීමා නීර්ණය කමිටුවක් වසර 05කට වරක් පත් කළ යුතු වේ. ඒ අනුව, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ සභාපතිත්වය යටතේ තවත් සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුක්තව නව සීමා නිර්ණය කමිටුව පත් කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.