• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිදන්ගත වකුගඩු රෝගයෙන් සහ හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා වන කාන්දු පෙරණ ප්‍රතිකාර වැඩසටහන වැඩිදියුණු කිරීම
- නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා නව කාන්දු පෙරණ මධ්‍යස්ථාන 33ක් සැපයීම සහ කාන්දු පෙරණ මධ්‍යස්ථාන 50ක් වැඩි පහසුකම් සහිතව පුළුල් කිරීම ඇතුළුව රට පුරා කාන්දු පෙරණ යන්ත්‍ර 643ක් සැපයීම සඳහා Hospinorm Projects GmbH, Frankfurter Str.92, Eschborn, ආයතනය විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාව ඇගයීම සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස තාක්ෂණික ඇගයීම් කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිසත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.