• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2006 අංක 1 දරන ආණ්ඩුවේ ආදායම ආරක්ෂා කිරීමේ (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය සඳහා යෝජිත සංශෝධනය
- 2006 අංක 1 දරන ආණ්ඩුවේ ආදායම ආරක්ෂා කිරීමේ (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව “ආනයන (අපනයන) වේලාව” විය යුත්තේ රේගු සටහන්කරය භාර දුන් දිනය වන නමුත් රේගු ආඥාපනතේ 16 වන වගන්තිය ප්‍රකාර ව ආනයන වේලාව විය යුත්තේ අදාළ භාණ්ඩ ආනයනය කරන නැව සත්‍ය වශයෙන් ම වරාය සීමාවන් තුළට පැමිණි වේලාව (අපනයන වේලාව විය යුත්තේ නැවට අදාළ භාණ්ඩ පැටවූ වේලාව) වන බැවින් පැටලිලි සහගතභාවයක් ඇති ව තිබේ. එබැවින්, අදාළ පනත් දෙක අතර සංගතභාවය පවත්වා ගැනීමට හැකි වන පරිදි 2006 අංක 1 දරන ආණ්ඩුවේ ආදායම ආරක්ෂා කිරීමේ (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.