• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීම) (සංශෝධන) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකාවේ ඉඩම් මිල දී ගැනීම සඳහා පනවා තිබූ තහනම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් සඳහා අදාළ නොකිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ඇතුළත් කර 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීම) පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම පිණිස හා පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.