• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය මට්ටමේ කෘෂි අගයදාම සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා අදාළ පොදු පහසුකම් වැඩිදියුණු කිරීම - කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන (SAPP)
- ශ්‍රී ලංකා රජය, කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD), පෞද්ගලික අංශය, සහභාගිත්ව මූල්‍ය ආයතන සහ ප්‍රතිලාභීන් ඒකාබද්ධව ඇමරිකානු ඩොලර් මිලියන 105 ක ආයෝජනයක් මගින්, රාජ්‍ය, පුද්ගලික සහ නිෂ්පාදක සහභාගිත්වය (4P) තුළින් ඇති කරනු ලබන කෘෂි අගයදාම මගින් ගොවි ජනතාව වෙත සහන ලබා දීම සඳහා කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන (SAPP) ක්‍රියාත්මක කෙරේ. එම අගයදාම සංවර්ධන ව්‍යාපෘතීන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම, ඒ අනුව ගොවීන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සහ වෙළඳ පොළ අවදානම අවම කිරීම පිණිස අවශ්‍යයයි හඳුනාගත්, ගොවිපොළෙන් බාහිර ව පිහිටි කුඩා පරිමාණයේ පොදු පහසුකම් සංවර්ධනය සඳහා එකී ව්‍යාපෘතීන්හි නියැළි ගොවි නිෂ්පාදන කණ්ඩායම්/සංවිධාන වෙත එක් අගය දාම සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් මිලියන පහක උපරිමයකට යටත් වන පරිදි ද්‍රව්‍යමය හෝ මූල්‍යමය ප්‍රදානයන් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන මගින් ලබා දීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව, කෘෂිකර්ම විෂය භාර අමාත්‍යාංශය හා අනෙකුත් අදාළ අමාත්‍යාංශ සමග සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නැංවීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.