• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන අතිරේක දොඹකරයක් ප්‍රසම්පාදනය කිරීම
- නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර 03ක් ජයබහළු පර්යන්තයේ (V) අදියරේ බහළු ජැටිය සදහා සැපයීම, ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කර පෙන්වීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s Shanghai Zhenhua Heavy Industries සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුවෙහි නියමයන් හා කොන්දේසි සහ ගෙවීම් පරිපාටියට අනුවම 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ ප්‍රති ඇණවුම් ක්‍රියාවලිය අනුගමනය කරමින් නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන අතිරේක දොඹකරයක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s Shanghai Zhenhua Heavy Industries සමාගම වෙතම පිරිනැමීම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.