• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු‍පො‍ෙළහි කැබින් ගමන්මලු තුළ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ පද්ධති සැපයීම, ස්ථාපනය කිරීම සහ පැවරීම
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන් යානා වෙත පිවිසීමේ ද්වාරවල ස්ථානගත කර ඇති කැබින් ගමන් මලු පරීක්ෂා කිරීමට යොදා ගන්නා එක්ස් කිරණ පිරික්සුම් යන්ත්‍ර 2004 වර්ෂයේ ස්ථාපිත කර ඇති අතර, එම ඕනෑම යන්ත්‍රයක කිසියම් බිඳවැටීමක් සිදුවීම ගුවන් ගමන් ප්‍රමාදවීමට හේතු විය හැකිය. එබැවින් ගුවන් සේවා ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වීම තහවුරු කරගැනීම සඳහා පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීමට සහ ඒ ආශ්‍රිත ආරක්ෂක අවශ්‍යතා සඳහා දැනට භාවිතා කරනු ලබන පැරණි එක්ස් කිරණ පිරික්සුම් යන්ත්‍ර වෙනුවට පරිගණක ටොමොග්‍රැෆි (CT) වර්ගයේ කැබින් ගමන් මලු පරීක්ෂා කිරීමට යොදා ගන්නා එක්ස් කිරණ යන්ත්‍ර ආදේශ කිරීම සඳහා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ අරමුදල් උපයෝජනය කරමින් හදිසි ප්‍රසම්පාදන විධිවිධාන යටතේ අදාළ මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.