• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය සඳහා සබරගමුව සහ ඌව පළාත්වල මාර්ගයන්හි ස්ථාන හයක නායයෑම් වැළැක්වීමේ පියවරයන් ඉදිකිරීම - 02 වන පැකේජය
- මාර්ග ආපදා කළමනාකරණ පැකේජ 02 යටතේ සබරගමුව හා ඌව පළාත්වල මාර්ගයන්හි ස්ථාන 06ක නායයෑම් වැලැක්වීමේ පියවරයන් ඉදිකිරීම සඳහා වන මුල් කොන්ත්‍රාත්තුවේ මුදල ප්‍රතිශෝධනය කිරීමට සහ අඹේපුස්ස, හපුත‍ලේ, බණ්ඩාරවෙල, උඩුවර සහ ඇල්ල යන හඳුනාගත් ස්ථානයන්හි නායයෑම් වැළැක්වීමේ නිර්මිත ඉදිකිරීම, වර්තමාන‍ කොන්ත්‍රාත්කරු වන RR – Soltec Joint Venture වෙත පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.