• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර ප්‍රසම්පාදනය කිරීම 2019 (ඔක්තෝබර්)
- සීමාසහිත ලංකා පොහොර සමාගමේ සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඔක්තෝබර් මාසය සඳහා වන පොහොර අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 2,000ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 299.50 බැගින් ඇග්‍රි කොමොඩිටීස් ඇන්ඩ් ෆයිනෑන්ස් වෙතින් සහ මියු‍රියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 8,500ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 349.43 බැගින් ඇග්‍රිකල්චරල් රිසෝසස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රසම්පාදනය කිරීම වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබා ගැනීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.