• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නුවරඑළිය දිස්ත්‍රික්ක‍යේ සංගිලි පාලම ග්‍රාමීය ජල සම්පාදන ක්‍රමය ඉදිකිරීම
- මුලතිව්, කිලිනොච්චිය, බදුල්ල, මොනරාගල, රත්නපුරය, කෑගල්ල සහ නුවරඑළිය යන තෝරාගත් දිස්ත්‍රික්ක 07 හි සෞඛ්‍යාරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති ග්‍රාම නිලධාරි කොට්ඨාශ 540ක නළ ජලසම්පාදනය හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ජලසම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ (2015-2020) අරමුණ වේ. එහි ‍කොටසක් ලෙස, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ග්‍රාම නිලධාරි කොට්ඨාස 14ක ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබා දීම සඳහා සහ වසර 2039 වන විට ගෘහ ඒකක 3050ක ජනගහනයට ප්‍රතිලාභ සැලසීම සඳහා ක්‍රියාත්මක වන සංගිලි පාලම ග්‍රාමීය ජලසම්පාදන ක්‍රම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි M/s Q-SJV (Qingdao Savinda JV) වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.