• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 41 වන වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග මාලාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- ජාතික ක්‍රීඩා සංගම් නිලවරණයන්ට අදාළව වඩාත් පහසු හා ක්‍රමවත් ලෙස අභියාචනා විභාග කිරීමේ කටයුතු සිදු කරගැනීමේ හා විනයානුකූල හා වඩාත් සුදුසු පුද්ගලයින් ක්‍රීඩා පරිපාලනයට පත්කිරීමේ අරමුණ ඉටු කරගැනීම සඳහා, 2019 අගෝස්තු මස 23 දිනැති අංක 2137/86 දරන අතිවිශෙෂ ගැසට් නිවේදනය සහ 2019 අගෝස්තු මස 23 දිනැති අංක 2137/85 දරන අතිවි‍ෙශෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එකී ගැසට් නිවේදන දෙක පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.