• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව අධ්‍යාපන පනත කෙටුම්පත් කිරීම
- වර්තමාන අධ්‍යාපන පද්ධතියේ නෛතික පසුබිම ලෙස දැනට බලපැවත්වෙනුයේ 1939 අංක 31 දරන අධ්‍යාපන ආඥා පනත හා ඉන් අනතුරුව එම ආඥාපනතට එක් කළ සංශෝධන හා විශේෂ පනත් ද වේ. මෙම පනත් හි අඩංගු බොහෝ විධිවිධාන දැනට යල් පැනගිය ඒවා බැවින්, ඒවා යාවත්කාලීන කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හා අනෙකුත් විවිධ ක්ෂේත්‍රයන්හි පාර්ශවකරුවන්ගේ ලිඛිත හා වාචික අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන නව අධ්‍යාපන පනත සකස් කිරීම සඳහා සැලකිල්ලට ගත හැකි යෝජිත රාමුවක කෙටුම්පත සකසා ඉදිරිපත් කර ඇත. එබැවින් නව අධ්‍යාපන පනත නැවත සමාලෝචනය කිරීමට හා නිර්දේශ ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය, නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය හා පෞද්ගලික අධ්‍යාපන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.