• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු ආසියාතික කලාපයේ ප්‍රාදේශීය ඒකාබද්ධිත බහු ආපද‍ා පූර්ව අනතුරු හැඟවීමේ පද්ධතියේ උප කලාපීය කේන්ද්‍රය පිහිටුවීම
- දකුණු ආසියාතික කලාපයේ ප්‍රාදේශීය ඒකාබද්ධිත බහු ආපදා පූර්ව අනතුරු හැඟවීමේ පද්ධතියේ උප කලාපීය කේන්ද්‍රය ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. එහෙත් පවතින ඉඩ පහසුකම් හා මූල්‍ය ගැටලු හේතුවෙන්, යෝජිත උප කලාපීය කේන්ද්‍රය වාරිමාර්ග දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.