• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ස්ථාපිත කිරීම සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම
- ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති කොළඹ පිහිටි අනෙකුත් කාර්යාල 'ගොවිජන මන්දිරය' ලෙස එකම කාර්යාල ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීමට හැකිවන පරිදි එම අමාත්‍යාංශයට අයත්, ඉඩම් සංවර්ධන හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට යාබදව ඇති අක්කර 06ක් පමණ වන බත්තරමුල්ලේ පිහිටි ‘අම්බලන්ගොඩැල්ල’ නැමැති ඉඩමෙහි මහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.