• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අනන්‍ය වූ පනතක් කෙටුම්පත් කිරීම
- ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව නෛතිකව ශක්තිමත් කර ආදායම් ඉපයීමේ හැකියාව ඉහළ නැංවීම තුළින් ස්වයං පැවැත්මට අවශ්‍ය ආදායමක් ඉපයීම මෙන්ම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් එම සංස්ථාවට අනන්‍ය වූ නව පාර්ලිමේන්තු පනතක් නීති කෙටුම්පත් සම්පාදක මඟින් කෙටුම්පත් කිරීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.