• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර ජාතික හෙද පුහුණු පාසල කොළඹ විශ්වවිද්‍යාලයේ හෙද විද්‍යා පීඨයට පවරා ගැනීම
- ඉහළ නිපුණතාවකින් යුත් ගෝලීය වශයෙන් තරගකාරී මට්ටමක හෙද වෘත්තිකයින් බිහි කිරීම අරමුණු කරගෙන හෙද අධ්‍යාපනය උපාධි මට්ටම දක්වා පුළුල් කිරීම පිණිස හෙද විද්‍යා පීඨයක් කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ශ්‍රී ජයවර්ධනපුර ජාතික හෙද පුහුණු පාසලේ ගොඩනැඟිලි භාවිතා කරමින් 2018 වර්ෂයේදී ආරම්භ කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන එම හෙද පුහුණු පාසලට අයත් ගොඩනැඟිලි හා වත්කම්, එහි කාර්යමණ්ඩලය සහ අදාළ ගොඩනැඟිලි පිහිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අයත් භූමිය, කොළඹ විශ්වවිද්‍යාලයේ හෙද විද්‍යා පීඨය විසින් භාවිතා කළ හැකි වන පරිදි නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කොළඹ විශ්වවිද්‍යාලයට පැවරීමට නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.