• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වර්තමානයේදී පැන නැඟී ඇති හා අනාගතයේදී පැන නැඟෙනු ඇතැයි අපේක්ෂා කරනු ලබන නෛතික හා ආයතනික ගැටලුවලට ප්‍රතිපත්තිමය විසඳුම් සෙවීම සඳහා මෙන්ම පනතේ අරමුණු ඉටු කරගැනීම සඳහා, 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට සහ ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.