• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යුදමය වාතාවරණය පැවැති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල හා ක්‍රියාන්විත ප්‍රදේශ ලෙස නම් නොකරන ලද ප්‍රදේශවල රාජකාරියේ යෙදී සිටියදී සෘජුවම ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් හෝ ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම උදෙසා සිදු කරන ලද ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ හා මියගිය ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ සාමාජිකයින් සඳහා ඔවුන්ගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන තෙක් ගෙවන ලද වැටුප් හා දීමනා, මිය ගිය සාමාජිකයාගේ යැපෙන්නන් ජීවත්ව සිටින තෙක් සහ ආබාධිත සාමාජිකයා ජීවත්ව සිටින තෙක් ලබාදීම
- අදාළ කරුණ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද, රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව, යුදමය වාතාවරණය පැවැති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල හා ක්‍රියාන්විත ප්‍රදේශ ලෙස නම් නොකරන ලද ප්‍රදේශවල රාජකාරියේ යෙදී සිටියදී සෘජුවම ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් හෝ ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම උදෙසා සිදු කරන ලද ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ හා මියගිය ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට, ඔවුන් විසින් දැනට ලබන ප්‍රතිලාභවලට අමතරව, තවදුරටත් සහන සැලසීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.