• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සැමට සෙවණ නව ආදර්ශ ගම්මාන 101ක් නිවාසලාභීන්ගේ අයිතියට පත් කරලීම
- 2015 වසරින් ඇරඹි සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ ප්‍රමුඛතම සංවර්ධන වැඩපිළිවෙළක් වනුයේ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමයයි. එකී වැඩසටහන යටතේ නිවාස මුල් කොට ගත් ජනාවාසයකට අවශ්‍ය සෙසු සියලු පහසුකම් සහිතව නිවාසලාභීන්ගේ අයිතියට පත් කරනු ලැබූ ආදර්ශ ගම්මාන ප්‍රමාණය 286ක් වන අතර, ඒ අතුරින් නව ආදර්ශ ගම්මාන 101ක් 2019 ලෝක ජනාවාස දිනය යෙදී ඇති ඔක්තෝබර් මස 07වන දිනට පෙර දෙසතිය තුළ, එනම් සැප්තැම්බර් මස 23 දින සිට ඔක්තෝබර් මස 07වන දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළදී නිවාස හිමිකම් අපේක්ෂාවෙන් සිටින ප්‍රතිලාභී ජනතාවට ලබා දීමට ක්‍රියා කරන බව අමාත්‍ය මණ්ඩලයේ දැනගැනිම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කර ඇති කරුණ අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.