• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා සාධනීය නෛතික රාමුවක් හඳුන්වා දීම
- නව මුහුණුවරකින් ඉස්මතු වන ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා තාවකාලික සීමා කිරීම් නියෝග, විවිධ අයුරින් ත්‍රස්තවාදය දිරි ගැන්වීම තහනම් කිරීම සහ නම් කරන ලද විදේශීය ප්‍රදේශයක සිටීම සහ ජෛවමිතික දත්ත පාලනය කිරීම ආදී ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දීම අවශ්‍ය වේ. එබැවින්, ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබා දෙනු පිණිස පත් කරන ලද අමාත්‍ය කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා පරිදි පවත්නා නීති සඳහා සංශෝධන කෙටුම්පත් කිරීමට හෝ සුදුසු නව නීති කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා සහ විදේශ කටයුතු අමාත්‍යතුමා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.