• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා අතිරේක නියමු දියත් යාත්‍රා 01ක් මිල දී ගැනීම
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නියමු දියත් යාත්‍රා දෙකක් සැපයීමේ කොන්ත්‍රාත්තුව කලම්බු ඩොක්යාඩ් පීඑල්සී ශ්‍රී ලංකා සමාගම වෙත ප්‍රදානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. මෙහෙයුම් කරන වරායයන් තුළ කාර්යක්ෂම නාවික සේවා සැපයීම සඳහා ඉහත යාත්‍රා දෙකට අතිරේක තවත් නියමු දියත් යාත්‍රාවක අවශ්‍යතාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් හඳුනා ගනු ලැබ ඇති බැවින්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 2006 හි දැක්වෙන ප්‍රති ඇණවුම් ප්‍රසම්පාදන ක්‍රමය මඟින් සලසා ඇති ප්‍රතිපාදන යටතේ ඉහත කොන්ත්‍රාත්තුවේ නියමයන් හා කොන්දේසි මතම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා අතිරේක නියමු යාත්‍රාවක් ප්‍රසම්පාදනය කිරීම සදහා වන කොන්ත්‍රාත්තුව කලම්බු ඩොක්යාඩ් පීඑල්සී ශ්‍රී ලංකා සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.