• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග සපයාගැනීම
- ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් රජයේ ආයතනයන්හි රෙදිපිළි අවශ්‍යතා දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් වෙතින් ලබාගැනීම සඳහා 2005 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, 2019 වර්ෂ‍ය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සඳහා අවශ්‍ය නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග මිල දී ගැනීම පිණිස කැඳවන ලද මිල ගණන් අනුව, දේශීය රෙදිපිළි වෙන් කර දීමේ කමිටුව හරහා තෝරාගත් දේශීය නිෂ්පාදකයන් වෙතින් එම රෙදිපිළි සපයාගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.