• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය තාන්ත්‍රික, විශේෂ, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා කාම්බෝජ රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර එළඹෙනු ලබන ගිවිසුම
- දෙරට අතර පවතින මිත්‍රශීලි සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් රාජ්‍ය තාන්ත්‍රික, විශේෂ, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා කාම්බෝජ රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට එළඹීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.