• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යුරෝපා සංගමයේ ප්‍රදාන මඟින් මූල්‍යයනය කිරීමට යෝජිත ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සහ ගුණාත්මකභාවයට සහය වීමේ ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් තීරණය කරන ලද කර්මාන්ත අංශයේ දායකත්ව ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට හා ප්‍රතිසන්ධානයට සහය වීම අරමුණු කරගනිමින් 'ශ්‍රී ලංකාව සඳහා බහුවාර්ෂික දර්ශක වැඩසටහන 2014 - 2020' යුරෝපා සංගමයේ ප්‍රදාන අරමුදලින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ යටතේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන අංශය සඳහා වෙන් කර ඇති යුරෝ මිලියන 110න් 'ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මකභාවයට සහය වීම' හා 'ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් තීරණය කරන ලද කර්මාන්ත අංශයේ දායකත්ව' යන ව්‍යාපෘති සඳහා පිළිවෙළින් යුරෝ මිලියන 11ක සහ යුරෝ මිලියන 7.81ක ප්‍රදානයන් ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ ප්‍රදාන ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.