• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකයන් සඳහා ස්ථිර පත්වීම් ලබා දීම
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014 හා 25/2014(I) නිකුත් කරන ලද අවස්ථාවේදී එම චක්‍රලේඛයන්හි සඳහන් අව්‍යශතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබාගැනීමට නොහැකි වූ සේවකයින්ට මෙන්ම චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන්හි ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට තාවකාලික, අනියම් (දෛනික), ආ‍දේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන දින 180කට වඩා ‍සේවය කර ඇති ‍සේවකයින්ට, අවශ්‍ය සුදුසුකම් 2019.09.01 දිනට සම්පූර්ණ කිරීම මත, එකී තනතුරුවලට ස්ථිර, විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීම සඳහා අදාළ චක්‍රලේඛ ප්‍රතිපාදන බලාත්මක කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.