• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනයට සමගාමීව 'තොරතුරු මාසය' ප්‍රකාශයට පත් කිරීම
- 2016 අ‍ගෝස්තු මස 04 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සම්මත කරන ලද 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මේ වන විට ලොව හොඳම සිව්වන පනත ලෙස ශ්‍රේණිගතව ඇති අතර, එම තොරතුරු පනත ක්‍රියාවට නැංවීමේ මූලික වගකීම පැවරී ඇති ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එය සක්‍රීය ලෙස බලාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබයි. ඒ අනුව, 2019 සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන 'තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයට' සමගාමීව 2019 සැප්තැම්බර් මස 15 දින සිට 2019 ඔක්තෝබර් මස 15

දින දක්වා කාලය 'තොරතුරු මාසය' ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම මාසය තුළ මෙම පනත ආශ්‍රිත ක්‍රියාකාරකම්හි යෙදීමට සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමටත්, මෙයට සමගාමීව දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි සිවිල් පුරවැසියන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමටත්, 'ගමට තොරතුරු අයිතිය' මැයෙන් RTI ජංගම සේවාවන් දිස්ත්‍රික් 05ක් තෝරා ගනිමින් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ නොවන ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.