• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම 2018 – 2025
- 2010 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර ඇති ජාතික පෝෂණ ප්‍රතිපත්තියට අනුව, පෝෂණය ඉහළ නැංවීමේ ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන ක්ෂේත්‍රයන්ගේ මෙන්ම රජය සහ රාජ්‍ය නොවන පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීම සහ දායකත්වය ලබාගැනීම සහතික කිරීම, සියලු ආකාරයේ මන්ද පෝෂණය අවසන් කිරීම ඇතුළුව 2030 වන විට තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීම හා වසර 2025 වන විට 2012 වසරේදී පැවති ලෝක සෞඛ්‍ය සමුළුවේදී එකඟ වන ලද මන්දපෝෂණය මැඬලීමට දරනු ලබන ගෝලීය උත්සාහය සාක්ෂාත් කරගැනීමට දායක වීම යන ප්‍රමුඛ අරමුණු ඉටු කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා, සියලුම අමාත්‍යාංශ, පළාත් සභා, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පරිපාලන අධිකාරින්, සංවර්ධන පාර්ශ්වකරුවන්, ආධාර දෙන ආයතන, විද්වතුන්, ව්‍යාපාරික ප්‍රජාව, සිවිල් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු බහුපාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් සකස් කරන ලද 'පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම 2018 – 2025 (දෙවන අදියර)' ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.