• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැ‍ඟෙනහිර කොළඹ ශික්ෂණ රෝහල නිදහස් සහ මුදල් ගෙවන පදනම මත සේවා සපයන "මිශ්‍ර සේවා ආකෘතියක්" ලෙසින් කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය
- නැ‍ඟෙනහිර කොළඹ ශික්ෂණ රෝහල අර්ධ රාජ්‍ය පරිපාලන ඒකකයක් වශයෙන් නිදහස් සහ මුදල් ගෙවන පදනම මත සේවා සපයන "මිශ්‍ර සේවා ආකෘතියක්" ලෙසින් ක්‍රියාත්මක කිරීමටත් සහ එම රෝහල මඟින් සිදු කරනු ලබන වෛද්‍ය අධ්‍යාපනයට අදාළ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.