• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වියළි කලාප සංවර්ධන ව්‍යාපෘතිය
- වියළි කලාප සංවර්ධන වැඩසටහනේ පළමු අදියර ලෙස අනුරාධපුර දිස්ත්‍රික් වියළි කලාප සංවර්ධන ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ රුපියල් මිලියන 331ක ප්‍රතිපාදන මත 2019 වසරේ ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ කෘෂි ළිං සංවර්ධනය කිරීම, කෘෂි පාරවල් ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රතිලාභීන් වෙනුවෙන් කෘෂි ආම්පන්න බෙදා දීම, ප්‍රජා ශාලා ඉදිකිරීම යන කාර්යයන් රුපියල් මිලියන 204ක ප්‍රතිපාදන මත ඉටු කිරීමටත්, පිරිසිදු පානීය ජලසම්පාදනය, ගෘහස්ථ/කුඩා කර්මාන්ත සංවර්ධනය හා වැඩිදියුණු කිරීම, පුහුණු හා දැනුවත් කිරීම, කෘෂි කාර්මික ඵලදායිතා වර්ධනය යන කාර්යයන් රුපියල් මිලියන 127ක ප්‍රතිපාදන මත ඉටු කිරීමටත්, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.