• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සුඛිතපුරවර නගර සංවර්ධන වැඩසටහන' යටතේ ව්‍යාපෘති තුනක් සඳහා ජාතික ප්‍රසම්පාදන පටිපාටියෙන් බැහැරව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය යටතේ ඊට අනුබද්ධිත සමාගමක් ලෙස ක්‍රියාත්මක වන සීමාසහිත මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීම
- සුඛිතපුරවර නගර සංවර්ධන වැඩසටහන යටතේ එළුවන්කුලම-අරුවක්කාරු මාර්ගයේ වයි (Y) හන්දිය දක්වා කි.මී. 1.85ක් කාපට් කිරීම, පුදුකුඩියිරුප්පුවේ පිහිටි කණ්ඩාවලෛ පාසල සඳහා දෙමහල් පුස්තකාල ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සහ භාරත පාසල සඳහා දෙමහල් පන්තිකාමර සඳහා වන ගොඩනැඟිල්ලක් ඉදිකිරීම යන ව්‍යාපෘති සඳහා වන කොන්ත්‍රාත්තු, සීමාසහිත මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්ගලික)සමාගම වෙත පිරිනැමීම පිණිස, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.