• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තෘතීය සත්කාරක රෝහල්වල, ප්‍රධාන වශයෙන් කිරීටක ධමනි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන පහසුකම් සහ උපකරණ වැඩිදියුණු කිරීම සඳහා අදාළ සැලසුම් නිර්මාණය කිරීම, ටෙන්ඩර් ක්‍රියාවලියේදී සහාය දැක්වීම, අධීක්ෂණය සහ පුහුණු කිරීම සඳහා උපදේශන සේවාවන් ප්‍රසම්පාදනය කිරීම
- ජපන් අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනයේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය සහ වෛද්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමේ ‍ව්‍යාපෘතියේ උපදේශන සේවා කොන්ත්‍රාත්තුව, කොයී පර්යේෂණ හා විශේෂඥ බද්ධ ව්‍යාපාරය (කොයී පර්යේෂණ හා විශේෂඥ සංස්ථාගත ආයතනය, බින්කෝ ජාත්‍යන්තර සමාගම, මධ්‍යම ඉංජිනේරු හා උපදේශක කාර්යාංශය සහ ෆිල්කොයී ජාත්‍යන්තර සංස්ථාගත ආයතනය) වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.