• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 අගොස්තු 01 දින සිට 2020 ජූලි 31 දක්වා වන කාල සීමාව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ A 330-200 ගුවන් යානා ගොඩබැස්වීමේ ජියර් පද්ධති නවීකරණ වැඩසටහන සඳ්‍රහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- ශ්‍රීලංකන් ගුවන් සේවය සතු A 330-220 ගුවන් යානා 6 ක ගොඩබැස්වීමේ ජියර් පද්ධති නවීකරණ වැඩසටහන සඳහා වන කොන්ත්‍රාත්තුව, ඒ සඳහා වූ සීමිත තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලියේදී සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන M/s Safran Landing Systems Services Singapore වෙත 2019-08-01 දින සිට 2020-07-31 දක්වා වන කාල සීමාව සඳහා පිරිනැමීමට මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.