• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වීරවිල හා ඇඹිලිපිටිය තුංකම කෘෂිකාර්මික හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් හා මහර බන්ධනාගාරය ආශ්‍රිතව කාන්තා රැඳවි පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
- 2019 අයවැය යෝජනා මඟින් යෝජිත කිබුට්ස් (Kibbutz) වර්ගයේ ගොවිපොළවල් 02ක් අඹේපුස්ස හා වීරවිල බන්ධනාගාරවල ස්ථාපිත කිරීම වෙනුවට වීරවිල හා ඇඹිලිපිටිය තුංකම යන බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු එළිමහන් සිරකඳවුරු දෙකක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී බන්ධනාගාරගත කරන ලද පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා සියලු පහසුකම් සහිත කෘෂිකාර්මික හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, 2019 අයවැය යෝජනා මඟින් යෝජිත කාන්තා රැඳවියන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් දොම්පේ ප්‍රදේශයේ ස්ථාපිත කිරීම වෙනුවට මහර බන්ධනාගාරය ආශ්‍රිතව හිස්ව පවතින භූමියේ ස්ථාපිත කිරීමටත්, එම ව්‍යාපෘති දෙක සඳහා මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබා දීම පිණිසත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.