• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දඩ මුදල් වැඩි කිරීම (1997 අංක 30 දරන ඇප පනත)
- ඇතැම් පනත්වල සහ ආඥා පනත්වල අඩංගු විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පනවන ලද දඩ මුදල් එවැනි උල්ලංඝනය කිරීම් වැළැක්වීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින්, මෙම තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහාත්, යෝග්‍ය වේ නම් එකී දඩ මුදල් වල ප්‍රමාණය වැඩි කිරීම සඳහාත් අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට එවකට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිතුමා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම කමිටු වාර්තාවේ දැක්වෙන නිර්දේශවලට අනුකූලව, ඇප පනතේ සඳහන් දඩ මුදල් වැඩි කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.