• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දණ්ඩ නීති සංග්‍රහයට සහ 1979 අංක 15 දරන අපරා‍ධ නඩු විධිවිධාන සංග්‍රහයට කරනු ලබන සංශෝධනය
- දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරා‍ධ නඩු විධිවිධාන සංග්‍රහයට කරනු ලබන සංශෝධනයක් වශයෙන් එදිරිවාදී භාෂණය පිළිබඳව ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව සකස් කරන ලද කෙටුම්පත පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කර ඇති අතර, එකී කමිටුවේ නිර්දේශ පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති නව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සහ ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.