• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව', 'ජාතික ප්‍රවාහන සුරක්ෂාව පිළිබඳ කොමිෂන් සභාව' නමින් ස්ථාපනය කිරීම
- 1998 අංක 05 දරන මෝටර් වාහන (සංශෝධන) පනත මඟින් ආයතන 17ක සාමාජිකයන්ගෙන් යුත් 'සභාවක්' ලෙස ස්ථාපනය කරන ලද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, නීතිමය පුද්ගලභාවයක් සහිත ශක්තිමත් ආයතනයක් ලෙස ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇත. ඒ අනුව, විධිමත් නීතිමය රාමුවක් තුළ ප්‍රබල ආයතනයක් ලෙස මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, 'ජාතික ප්‍රවාහන සුරක්ෂාව පිළිබඳ කොමිෂන් සභාව' ලෙස ස්ථාපනය කිරීමත්, එම සභාව පිහිටුවීම සඳහා සුදුසු ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමත් පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.