• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සබරගමුව පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රත්නපුර, නව නගරයේ පිහිටි ඉඩම් කොටස් වෙන්කිරීම
- රත්නපුර නවනගරයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් රූඩ් 3යි පර්චස් 1.5ක් වන ඉඩම් කොටස් දෙකක් සබරගමුව පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා, රජයේ තක්සේරුකරුගේ වටිනාකම අනුව රුපියල් මිලියන 30ක් ගෙවීමට යටත්ව, සබරගමුව පළාත් සභාවේ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත වෙන් කරදීමට හැකි වන පරිදි ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත නිදහස් කිරීම පිණිස, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.