• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවා ඒකකය සඳහා ගොඩනැඟිල්ලක් ඉදිකිරීම
- අම්පාර දිස්ත්‍රික් මහ රෝහලෙහි අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවා පහසුකම් ලබා දීමේ කඩිනම් අවශ්‍යතාවය සලකා එම රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවා ඒකකය සඳහා දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, පිරිමැවුම්කර ඉදිකිරීමේ පදනම මත ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.