• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර දිස්ත්‍රික් මහ රෝහලෙහි බාහිර රෝගී අංශ ගොඩනැඟිල්ල ඉදිකිරීම
- පසුගිය වසරවලදී බාහිර රෝගී ප්‍රතිකාර සේවාව ලබා ගැනීම සඳහා වැඩි වී ඇති ඉල්ලුම හේතුවෙන් කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ දැනට පවතින බාහිර රෝගී අංශ ගොඩනැඟිල්ලෙහි පවතින ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, එම රෝහලෙහි බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ඉදිකිරීම පිණිස, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.