• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර, නුවරවෙල වෙළඳ සංකීර්ණය හා ක්‍රීඩාගාරය ඉදි කිරීම සඳහා රු. මිලියන 121 ක ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා අනුමතිය ලබා ගැනීම
- මහනගර සභා බල ප්‍රදේශයේ සහ ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, මහනුවර නගරය තුළ පවතින මාර්ග තදබදය අවම කිරීම, මහනගර සභාවේ ආදායම් තත්ත්වය වර්ධනය කිරීම, ප්‍රදේශයේ ජනතාවගේ කෘෂි නිෂ්පාදන ප්‍රමුඛ සෙසු නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා දීම සහ පාරිභෝගික ජනතාවට වඩාත් හොඳ වෙළඳපොළ පහසුකම් ලබා දීම සඳහා පහසුකම් සැලසෙන පරිදි මහනුවර මගනගර සභා බල ප්‍රදේශය තුළ, මහනුවර මහනගර සභාවේ අධීක්ෂණය යටතේ, රුපියල් මිලියන 121 ඒකාබද්ධ අරමුදලේ ප්‍රතිපාදන යොදා නුවරවෙල වෙළඳ සංකීර්ණය හා ක්‍රීඩාගාරය ඉදි කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.