• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් මූල්‍යාධාර
- උතුරු, නැඟෙනහිර, ඌව හා බස්නාහිර පළාත්වල ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කි.මී. 3400 ක් පමණ සහ ජාතික මාර්ග කි.මී. 340 ක් පමණ පිළිසකර කිරීම, නඩත්තු කිරීම, මාර්ග ආරක්ෂාව, පර්යේෂණ සහ මාර්ග සැලසුම් හා ඉදිකිරීම් යන අංශයන්හි ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට, සමස්ත ණය මුදල ඇ.ඩො. මිලියන 900 ක් වන පරිදි, අදියර කිහිපයක් යටතේ මූල්‍යයන පහසුකම ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුව සමඟ යෝජනා ක්‍රම මූල්‍යකරණ ගිවිසුමකට එළඹී ඇත. 2023 වර්ෂය වන විට අවසන් කිරීමට අපේක්ෂා කර ඇති, මුළු ආයෝජන පිරිවැය ඇ.ඩො. මිලියන 171.8 ක් වන එම වැඩසටහනේ දෙවන අදියර සඳහා ඇ.ඩො. මිලියන 150 ක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය පොදු ප්‍රාග්ධන සම්පත් අරමුදලින් ලබාගැනීම පිණිස එම බැංකුව සමග ණය ගිවිසුමකට ඇතුළත්වීමට මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.