• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිවර්තනය, ප්‍රතිසංධානය සහ අන්තර්කරණීය ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ වීම ශක්තිමත් කිරීමේ (STRIDE) ව්‍යාපෘතිය
- උතුර, නැඟෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත්වල විමධ්‍යගත කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සහ ජනතාව හා රජය අතර සංවාදය ශක්තිමත් කිරීම, එමඟින් ආරවුල්වලට තීරණාත්මක ලෙස බලපාන අභ්‍යන්තර හේතු සඳහා පිළියම් යෙදීම, ප්‍රාදේශීය ගැටුම් උත්සන්න වීම වැළැක්වීම යන මූලික අරමුණු සහිතව, 'පරිවර්තනය, ප්‍රතිසංධානය, සහ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත් වීම ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය' නමින් ව්‍යාපෘතියක් ලෝක බැංකුවේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ වක්‍ර කළමනාකරණය හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම ව්‍යාපෘතිය මූල්‍යකරණයට යුරෝ මිලියන 40 ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමග ප්‍රදාන ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.