• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවාගැනීම හා පුහුණුව
- අමාත්‍ය මණ්ඩලය විසින් මීට ඉහතදී ලබා දී ඇති තීරණය ප්‍රකාර ව, දැනට පුරප්පාඩුව පවතින උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු 4,667 ක් සඳහා, වයස අවුරුදු 45 සීමාව ආසන්නයේ සිටින අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, කාලානුක්‍රම අනුව, 2012 වර්ෂයේ සිට උපාධිය සම්පූර්ණ කර ඇති උපාධිධාරීන් පුහුණුව පිණිස 2019 සැප්තැම්බර් මසදී බඳවාගනු ලබන බවට ගරු අග්‍රමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යතුමා කරන ලද දැනුම් දීම අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.